☸ බෝධි පූජාව ☸

නිවැරදිව සම්බුද්ධ පූජාවක් පවත්වන ආකාරය

සියලු දෙනාම බුදුරජාණන් වහන්සේට තුන් සැරයක් පසඟ පිහිටුවා වඳින්න.
සියලු දෙනාම පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න.

༺ පන්සිල් ༻
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
🪷
බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි.
🪷
දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
🪷
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
🪷
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
༺ බුදුන් වන්දනා කිරීම ༻
ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවාති.
🪷
බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. යේ ච බුද්ධා අතීතා ච - යේ ච බුද්ධා අනාගතා පච්චුප්පන්නා ච යේ බුද්ධා - අහං වන්දාමි සබ්බදා.
🪷
නත්ථි මේ සරණං අඤ්ඤං - බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මංගලං
🪷
උත්තමංගේන වන්දාමි - පාදපංසුං වරුත්තමං බුද්ධේ යෝ ඛලිතෝ දෝසෝ - බුද්ධෝ ඛමතු තං මම
🪷
නමාමි බුද්ධං ගුණ සාගරං තං සත්තා සදා හොන්තු සුඛී අදීනා කායෝ ජිගුච්ඡිතෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහං ච
༺ ධර්මරත්නය වන්දනා කිරීම ༻
ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති.
🪷
ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. යේ ච ධම්මා අතීතා ච - යේ ච ධම්මා අනාගතා පච්චුප්පන්නා ච යේ ධම්මා - අහං වන්දාමි සබ්බදා.
🪷
නත්ථි මේ සරණං අඤ්ඤං - ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දාමි - ධම්මඤ්ච තිවිධෝත්තමං ධම්මේ යෝ ඛලිතෝ දෝසෝ - ධම්මෝ ඛමතු තං මම නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හොන්තු සුඛී අදීනා කායෝ ජිගුච්ඡිතෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහං ච
༺ සංඝරත්නය වන්දනා කිරීම ༻
සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිණෙය්‍යෝ අඤ්ජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති.
🪷
සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. යේ ච සංඝා අතීතා ච - යේ ච සංඝා අනාගතා පච්චුප්පන්නා ච යේ සංඝා - අහං වන්දාමි සබ්බදා.
🪷
නත්ථි මේ සරණං අඤ්ඤං - සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දාමි - සංඝඤ්ච තිවිධං වරං සංඝේ යෝ ඛලිතෝ දෝසෝ - සංඝෝ ඛමතු තං මම නමාමි සංඝං මුනිරාජ සාවකං සත්තා සදා හොන්තු සුඛී අදීනා කායෝ ජිගුච්ඡිතෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහං ච
༺ මා කීවාට පසු මෙසේ කියන්න ༻
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. කෙලෙස් සතුරන් නැති කළ සේක. සියලු පාපයන්ගෙන් මිදුණු සේක. රහසින්වත් පව් නොකළ සේක. සියලු ලෝ වැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වන සේක. බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය මහා ආශ්චර්යය. කෝටියක් මව්වරුන්ගේ, කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණය එක් පිඬක් කළ ද බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයට උපමා කළ නොහැක. මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසමසම වූ දෙවියන්ට දෙවි වූ මටම ස්වාමී වූ මාගේ බුදු මෑණියන් වූ මාගේ බුදු පියාණන් වූ මොහඳුරට හිරු මඬලක් වූ කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ අනාථ නාථ වූ අසරණ සරණ වූ අග්ගදක්ඛිණෙය්‍ය වූ බුදුරජාණන් වහන්සේට; මම පහන් පූජාව පූජා කරමි,පූජා වේවා! මම සුවඳ දුම් පූජා කරමි,පූජා වේවා! මම සුවඳ මල් පූජාව පූජා කරමි,පූජා වේවා! මම සිසිල් පැන් පූජාව පූජා කරමි,පූජා වේවා! මම ගිලන්පස පූජාව පූජා කරමි,පූජා වේවා! මම ඖෂධ පූජාව පූජා කරමි,පූජා වේවා! මම මධුර ඵල පූජාව පූජා කරමි,පූජා වේවා! මම දැහැත් පූජාව පූජා කරමි,පූජා වේවා! මම ධජ පතාක පූජාව පූජා කරමි,පූජා වේවා! මේ සියලු පූජාවෝ නිර් වාණ ශාන්තිය පතා සංසාර දුකින් අත් මිදීම පතා, බුදුරජාණන් වහන්සේට පූජා කරමි, පූජා වේවා! පූජාම වේවා!
༺ චෛත්‍ය වන්දනා ༻
වන්දාමි චේතියං සබ්බං - සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධිං - බුද්ධ රූපං සකලං සදා
༺ සොළොස්මස්ථාන වන්දනා ༻
මහියංගණං නාගදීපං - කල්‍යාණං පදලාඤ්ඡනං දිවාගුහං දීඝවාපි - චේතියං ච මුතියංගණං තිස්ස මහා විහාරං ච - බෝධිං මරිචවට්ටියං සොණ්ණමාලී මහා චේතිං - අභයගිරි නිවායතං ජේතවනං සෙල චේතිං - තථා කාචරගාමකං ඒතේ සොළස ඨානානි - අහං වන්දාමි සබ්බදා
༺ බෝධිය වන්දනා ༻
යස්ස මූලේ නිසින්නෝව - සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා - වන්දේ තං බෝධි පාදපං ඉමේ තේ මහා බෝධි - ලෝකනාථේන පූජිතා අහම්පි තේ නමස්සාමි - බෝධි රාජ නමත්ථු තේ
༺ තුනුරුවන් කමා කිරීම ༻
කායේන වාචා චිත්තේන පමාදේන කතං මයා බුද්ධේ ඛමතු මේ භන්තේ - භූරිපඤ්ඤ තථාගත
🪷
කායේන වාචා චිත්තේන පමාදේන කතං මයා ධම්මේ ඛමතු මේ භන්තේ - සන්දිට්ඨික අකාලික
🪷
කායේන වාචා චිත්තේන පමාදේන කතං මයා සංඝේ ඛමතු මේ භන්තේ - පුඤ්ඤක්ඛෙත්ත අනුත්තර
༺ කරණීය මෙත්ත සූත්‍රය ༻
කරණීයමත්ථ කුසලේන - යන්තං සන්තං පදං අභිසමෙච්ච සක්කෝ උජූ ච සූජූ ච - සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්සකෝ ච සුභරෝ ච - අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච - අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ න ච ඛුද්දං සමාචරේ කිඤ්චි - යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු - සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේ කේචි පාණභූතත්ථි - තසා වා ථාවරා වා අනවසේසා දීඝා වා යේ මහන්තා වා - මජ්ඣිමා රස්සකා අණුකථූලා දිට්ඨා වා යේව අද්දිට්ඨා - යේ ච දූරේ වසන්ති අවිදූරේ භූතා වා සම්භවෙසී වා - සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා න පරෝ පරං නිකුබ්බේථ - නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි බ්‍යාරෝසනා පටිඝසඤ්ඤා - නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය මාතා යථා නියං පුත්තං - ආයුසා ඒකපුත්තමනුරක්ඛේ ඒවම්පි සබ්බභූතේසු - මානසං භාවයේ අපරිමාණං මෙත්තඤ්ච සබ්බලෝකස්මිං - මානසං භාවයේ අපරිමාණං උද්ධං අධෝ ච තිරියඤ්ච - අසම්බාධං අවේරං අසපත්තං තිට්ඨං චරං නිසින්නෝ වා - සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ ඒතං සතිං අධිට්ඨෙය්‍ය - බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු දිට්ඨිඤ්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනයෙය්‍ය ගෙධං න හි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතීති
༺ දෙවියන්ට පින් දීම ༻
එත්තාවතා ච අම්හේහි - සම්භතං පුඤ්ඤසම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු දේසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු මං සදා
༺ මියගිය ඥාතීන්ට පින් දීම ༻
ඉදං මේ ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ ඉදං මේ ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ ඉදං මේ ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ
༺ ප්‍රාර්ථනා ගාථාව ༻
ඉමිනා පුඤ්ඤ කම්මේන - මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු - යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු
༺ පින් අනුමෝදනාව ༻

සියලු දෙනාම පෙර පරිද්දෙන්ම බුදුරජාණන් වහන්සේට තුන් සැරයක් පසඟ පිහිටුවා වඳින්න.

༺ සෙත් පැතීම ༻
සබ්බීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු මා තේ භවත්වන්තරායෝ - සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං - රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන - සදා සෝත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං - රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන - සදා සෝත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං - රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන - සදා සෝත්ථි භවන්තු තේ අභිවාදන සීලිස්ස - නිච්චං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඪන්ති - ආයු වණ්ණෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති - සග්ග සම්පත්ති ඒව ච අථෝ නිබ්බාන සම්පත්ති - ඉමිනා තේ සමිජ්ඣතු